Thursday, October 6, 2011

ආශ්වාද ජනක බ්ලොග් කලාව


පාන්දරින් ඉස්කෝලෙට පැංටු කරත්තෙන්.ගංග ගංග අනිත් එක්කෙනා.බුද්ධදාසත් ඇවිත් හිටියා.අ‍ා කොහෙද ඉන්නෙ.වත්තෙගෙදර හිච්චි නංගි යන්න ඇති.හෙන සයිස් 3න් දෙනාම.කවදාවත් දැකලා නෑනෙ.අනේ නෑ.මම ඉතින් ආවා.සුදුනෝනා නැද්ද.අනේ මටත් ආසයි යන්න.ඉරිද හවස.පාරෙ බස් වල.මට එදා මේකට ගියාමත් මතක් වුනා.සුදුනෝනා.පඩිය හොගක් තියෙනවයි.අපරාදෙන.මතක් වුනා මතක නෑ දැන්.දැන් නං හොයන්නත් නෑ.මට අද කළු ආරච්චි හම්බ වුනා.නැහැ කන්න ගත්තා විතරයි.එයාලා ඉතින් ප්‍රයිවට් පංති කරන අයනෙ.

Wednesday, October 5, 2011

සතුටින් සිටීමට කළ හැකි දේවල්

  • ඒකාකාරී බවින් මිදීම.
  • කරන දෙය සතුටින් කිරීම.
  • ධනාත්මක බවින් යුත් පොත් පත් කියවීම.
  • ව්‍යායාම නිසි පරිදි කිරීම.
  • තමන් අදහන ආගමට අනුව කටයුතු කිරීම
  • අන් මත ඉවසීම.
  • පිළිවලකට වැඩ කිරීම.
  • විනෝදාංශයක නිරත වීම.
  • කළණ මිතුරන් ඇසුරු කිරීම.
  • ධනාත්මකව සිතීම.
ඉහතින් දැක්වූයේ ඉතාම සුළු ප්‍රමාණයකි.එයට හේතුව එක් එක් අය සතුටින් සිටීමට අනුගමනය කරන ක්‍රම විවිධ වීමය
 
 

Tuesday, October 4, 2011

මම සුවද විලවුන් බෝතලයක් තුලින් අතීතයට ගියෙමි.

මම මාසයකට පමන පසු අකුරෑස්ස නගරයට ගියෙ මට උවමනා කරන පොත් කිහිපයක් මිලදී ගෑනීමටය.ඒ අතර තුරදී ඈදුම් කඩයකට ගොඩ වීමටද අමතක කලේ නෑත.මම ඈදුම් කඩයේ පහල මාලයේ ටිකක් එහාට යන විට විවිධ වර්ණ වලින් බබලන සුවද විලවුන් බෝතල් ඈති වීදුරු කබඩ් එකක් දුටුවෙමි.මම ඒ දෙස විමසිල්ලෙන් බෑලුවෙමි.එවිට එම සාප්පුවේ සේවකයකු පෑමින සුවද විලවුන් ගෑනීමට උවමනාද කියා මගෙන් විමසුවේය.එය මා කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයකි.නමුත් මම ඔව් කිව්වා.ඉතින් එක එක ජාතියෙ සුවද විලවුන් වල සුවද බලන්න මට වාසනාවක් ලෑබුනා.නමුත් සේවකයා පෙන්වූ කිසිදු එකක් මට හරිගියේ නෑත.මම නෑවතත් විමසිල්ලෙන් කබඩ් එක දෙස බෑලුවෙමි.ලස්සනට දිලිසෙන බෝතලයක් මගේ නෙත ගෑටිනි.මම සේවකයා ලවා එය මගේ අතට ලබා ගත්තෙමි.එහි මම සුවද බලන්නට විය.එහි සුවද දෑනුනා පමනි මගේ හිතට අමුතුම හෑගීමක් මතු විය.ඒත් එක්කම මට අතීතයේ සිදු වූ සොදුරු දේවල් මතක් වන්නට විය.මා එක මොහොතක් වත් බෑලුවේ නෑති එය මිලදී ගෑනීමට මම තීරනය කලා.පසුව මම රුපියල් 196 ලබා දී එය මිලදී ගත්තෙමි.බස් එකේ එන විටත් මම එහි සුවද බෑලුවෙමි.එවිට සොදුරු අත්දෑකිම් රාශියක් සිතට ගලා එන්නට විය.

පිරිමින්ට යන එන මං නැති වෙයිද?

ඔයගොල්ලො බලනව ඇති මෙකක්ද ‍ෙමි කඩප්පුලි කතාව කියල

හොදයි මං කියන්නමිකො කතාව.

මම ‍ෙමි කියන්න යන්නෙ කාන්තාව අද වෙනකොට දියුනු වෙලා තියෙත හැටි.

අද වෙනකොට බොහෝ ආයතනවල මුල් පුටු හොබවන්නෙ කාන්තාවන්.පාසල් වල ගුරුවරුන්ට වඩා ඉන්නෙ ගුරුවරියන්.එතකොට දේශපාලනය අතින් ගත්තත් කාන්තාවන් ඉදිරියෙන් ඉන්නවා.
ව්‍යාපාරික ක්ෂේත්‍රය ගත්තත් බොහෝ කාන්තාවන් ඉදිරියෙන් ඉන්නව.අද වන විට බොහෝ ක්ෂේත්‍රයන් කාන්තාවන් විසින් ආක්‍රමනය කරල.

ඉදිරියටත් එය එසේම වෙන්න පුළුවන්.මොකද පාසල් වලත් හැම අතින්ම ඉදිරියට යන්නෙ ගැහැනු ලමයි.රැස්වීමක කතා 5ක් තිබුනනමි ඒ 5න් 4ක් ම කරන්නෙ ගැහැනු ලමයි.හදිස්සියෙන් තමයි පිරිමි ලමයෙක් කතාවක් පවත්වන්නෙ.වාර විභාග වලින් ඉදිරියෙනම ඉන්නෙත් ගොඩක් පාසල් වල ගැහැනු ලමයි.කථික තරගවලත් බොහෝ සෙයින් දක්ෂතා පෙන්වන්නෙ ගැහැනු ලමයි.
ගොඩක් පිරිමි ලමයි පාසල් යන කාලෙ පිස්සු නටනව.එක්කො කෙල්ලො පස්සෙ යනව.කොල්ලො දෙයක් කරනකොට බොක්කෙන්ම කරනවා.ඒක තමයි කොල්ලොන්ගෙ හැටි.ආදරය කරනකොටත් එහෙමයි.ඉතින් ඔහොම කොල්ලො බොක්කෙන්ම කෙල්ලොන්ට ආදරය කරනකොට
කෙල්ලො උන්ගෙ පාඩුවෙ ඉගෙනගන්නවා.ඉගෙනගෙන ගොඩක් ඉහලට යනවා.අන්තිමට උන් රජ සැප විදිනව.වාහන අරගෙන.ලොකු ගෙවල් හදාගෙන.බොහොම සැප ජීවිතයක් ගත කරනව.අන්තිමට අර කොල්ලම අමතක කරනව.ඇයි එයා කොල්ලට වඩා ඉගෙනගෙන සමාජයේ උසස් තැනක ඉන්නවා.ඇතැමි වි‍ට වෛද්‍ය වරයෙක් වෙන්නත් පුළුවන්.සමහර විට ඊටත් වඩා උසස් තැනක ඉන්න පුළුවන්.කොල්ල බස් කොන්දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්.සමහර විට ඊටත් වඩා පහල තැනක ඉන්න පුළුවන්.

හොදයි දැන් අපි බලමු අනාගතේ කාන්තාවන් මේ යන විදිහට මොන වගේ වේවිද කියලා

බොහෝ විට ඇදුම වෙනස් වෙන්න පුළුවන්.සාරිය වෙනුවට අත් දිග කමීසය අදින්න ඉඩ තියෙනවා.පරිමි අය අදින අත් දිග ෂර්ට් එකට සමාන අත් දිග ෂ‍ර්ට් ගැනු අයත් අදින්න පුළුවන්.
බය ලැජ්ජාව වගේ ගති නැතිවෙන්න පුළුවන්.ඒ වෙනු‍වට හොද පෞෂයක් ඇති කාන්තාවන් බිහිවෙන්න පුළුවන්.හැම කාන්තාවකටම වාහනයක් පදවන්න පුළුවන් වෙනවා.උදේ වැඩට ගියාට පස්සෙ ආයෙත් ගොඩක් රෑ වෙලා ගෙදර එන කාන්තාවන් බිහිවෙන්න පුළුවන්.කෝට් භාවිතය කාන්තාවන් අතර ජනප්‍රිය වෙන්න පුළුවන්.හදවත උණු නොවන කාන්තාවන් බිහිවෙන්න පුළුවන්.

හොදයි මගේ ඇගිලිත් රිදෙනව ටයිප් කරල පස්සෙ හමු වෙමු.